ගෑස් සිලින්ඩර 648ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී ඊයේ (04) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසනවා.
ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ ඇතුලුවී ඇති සැකකරු රුපියල් දෙකෝටියකට අධික වටිනාකමින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවත් පොලිසිය සඳහන් කළේ.
අදාල ව්‍යාපාරික කාන්තාව විසින් නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ව්‍යාපාරික කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වූ සැකකරු හා ගෑස් සිලින්ඩර සහිත ලොරි රථය අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.
ලොරි රථයේ සේවය කළ රියදුරු ගෑස් සිලින්ඩර බෙදාහැරීම් සිදුකොට ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ ලොරි රථය නවතා ඇති අවස්ථාවක නිවසේ කිසිවෙකු නොමැති බවට සැලවීමත් සමඟ පැමිණ ඇති සැකකරු නිවසේ දොරගුළු බිඳ ගෑස් සිලින්ඩර තොගයක් ලොරි රථයට පටවා රැගෙන ගොස් ඇති බවද සඳහන්.
කොල්ලකෑ ලොරි රථය සහ ගෑස් සිලින්ඩර තොගය සැකකරුගේ නිවසේ සඟවා තිබී ඇති අතර දින කිහිපයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට තිබූ බවත් පොලිසිය පැවසුවා.
පියා මියගිය පසු දේපල බෙදීයාම සම්බන්ධයෙන් ඇතිවූ පුද්ගලික ආරවුලක් මත සැකකරු මෙම කොල්ලකෑම සිදුකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසුවා.
පොලිසිය පැවසූයේ සැකකරු සිය මවගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ අරමුණින් ගෑස් සිලින්ඩර සහ ලොරි රථය කොල්ලකා ඇති බවයි.
අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව , ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වේ.
සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙළුක්කුලම පොලිස් ස්ථානාධිපති සී.එම්.පි.ආර්.කේ දිවුල්වැව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.