fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ අනුරාධපුර මහ රෝහලට රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2023 12:09

‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ අනුරාධපුර මහ රෝහලට රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

සදහිරු සෑය පූණ්‍යභාරය විසින් අනුරාධපුර මහ රෝහල වෙත රුධිර පෙරණ යන්ත්‍රයක් පරිත්‍යාග කළා.

මානූෂිය මෙහෙයුම ක්‍රියාත්මක වන කාලයේ දී බරපතළ තුවා ලැබු සෙබළුන්ගේ හදිසි ප්‍රතිකාර සියල්ල සිදු කරනු ලැබුවේ අනුරාධපුර මහ රෝහල තුළිනුයි. එම මෙහෙය අගයමින් අනුරාධපුර මහා රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ 33ක් වටිනා රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක් අනුරාධපුර ශිකෂණ රෝහල වෙත පරිත්‍යාග කිරිම ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සදහිරු සෑය පුන්‍යභාරය මගින් මේ සදහා මුදල් යෙදවුනු අතර එම අරමුදලෙන් සිදු කෙරුණු පළමු පරිත්‍යාගය ද මෙයයි. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2023 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්