නීති විරෝධී ලෙස රත්තරන් තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ප්‍රංශ ජාතිකයෙකු පසුගිය 3න වනදා ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරනවා
රත්තරං කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 611 බරැති තොගයක් මෙලෙස රැගෙන ඒමට උත්සාහ කළ බවයි සඳහන් වන්නේ.
ඒවායෙහි වටිනාකම රුපියල් අට කෝටි පනස් තුන් ලක්ෂ දස දහස් නව සියයක්.
35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , මෙවර ඔහු පැය 24 ක කාළයක් සදහා පමණක් මෙරටට පැමිණීම සැළකිල්ලට ගනිමින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබුණා.
මොහු 06/03 දින උදෑසන 06.45 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවද එම නිලධාරියා ප්‍රකාශ කළා.
මොහු රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ කීපයක් මෙන්ම , බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු වන අන්දමට කළු පැහැති තීන්ත ආලේපන කරන ලද රන් පොලු තොගයක් ද සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ එස්.ශිවඥානම් මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම රත්තරන් තොගය රාජසන්තක කළ අතර , මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.
මෙම දඩ මුදල ගෙවීමට මෙම ප්‍රංශ ජාතිකයා අසමත් වීමත් සමග , ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා වෙත රේගු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මෙම ප්‍රංශ ජාතිකයා 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ති බව සඳහන්.
එහෙත් ඉකුත් 05/23 දින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් කෝටි 08 ක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ විට , ඔහුට එම වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක් , එනම් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන් , මෙවර ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07 ක , එනම් රැගෙන ආ භාණ්ඩ තොගයේ වටිනාකමට 100% සමාන වන ආකාරයට දඩ මුදලක් නියම කිරීම පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.