තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ මවක් 2003 වසරේදී ඇයව වසර 25කට සිරගත කර තිබෙනවා .
ඇය ප්‍රසිද්ධව සිටියේ ඔස්ට්‍රේලියාවේ “දරුණුතම සමූල ඝාතක කාන්තාව” ලෙසින්.
නමුත් නව විද්‍යාත්මක සාක්ෂි අනුව නිගමනය කර ඇත්තේ ජානමය ගැටලුවක් මත එම දරුවන් මරණයට පත්වී ඇති බවයි .
එම කරුණු සලකා බැලූ ඔස්ට්‍රේලියානු බලධාරීන් කැත්ලීන් ෆෝල්බිග් ව නිදහස් කර තිබෙන අතර ඒ වනවිට ඇය සිරගත වී වසර 20ක් .
ඇය ප්‍රකාශ කර තිබුණේ තමා දරුවන් ඝාතනය නොකළ බවය.
දැනට 55 හැවිරිදි වියේ පසුවන කැත්ලීන් ගේ සිදුවීම සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ අසාධාරණම නඩු තීන්දුවක් ලෙසටයි.