තවත් ශ්රී ලාංකික තරුණයන් 49 දෙනෙකු ඊයේ රාත්රියේදී කොරියානු රැකියා සදහා පිටත්ව ගියා.
මෙම ශ්රමිකයින් කණ්ඩායම පසුගිය 24 වැනිදා කොරියාව බලා පිටත්වයාමට නියමිතව තිබුණත් ශ්රී ලංකන් ගුවන්යානයේ ප්රමාදය නිසා එම ශ්රමිකයින් කණ්ඩායම, එම අවස්ථාවේදී ගෙන්වා ගැනීම කල් දැමීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම ශ්රමික කණ්ඩායම ඊයේ රාත්රියේදී මෙසේ කොරියාව බලා පිටත්ව ගියා.