fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිලිණි ප්‍රියමාලිට එරෙහි නඩුව කල්යයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2023 10:41

තිලිණි ප්‍රියමාලිට එරෙහි නඩුව කල්යයි

වාහනයක් ලබාදෙන පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිලිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේයි. එම අවස්ථාවේ දී විත්තිකාර තිලිණි ප්‍රියමාල් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සදහන් කළේ තම සේවාදායකයා අසනීපව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. ඒ අනුව නඩුව යළි කැඳවන දිනයේ දී පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කෙරුණා. 2010 වසරේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබාදෙන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේයැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2023 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්