සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය අනතුර සිදුවූ බව ඉන්දීය දුම්රිය ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.
ඉන්දීය දුම්රිය ප්‍රවාහන අමාත්‍ය අශ්විනි වෛශනව් මහතා පවසන්නේ දුම්රිය අනතුරට ප්‍රධානම හේතුව සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් බවයි. මේ වනවිට අනතුර සිදුවූ දුම්රිය මාර්ග සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්කර ඇති බව ද පවසනවා. තවද අනතුරෙන් මියගිය සංඛ්‍යාව 275 ක් බව තහවුරු කර තිබෙනවා. තුවාල ලබා රෝහල් ගතකළ සංඛ්‍යාව 1,175ක් වන අතර මේ වනවිට 793 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.