fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල අගමැතිට එරෙහි උද්ඝෝෂණ තවදුරටත්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2023 10:01

ඊශ්‍රායල අගමැතිට එරෙහි උද්ඝෝෂණ තවදුරටත්

ඊශ්‍රායල අගමැතිට එරෙහිව උද්ඝෝෂණ තවදුරටත් වර්ධනය වී තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට විරුධව අඛණ්ඩව සති 22ක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව ජනතාව පෙළ ගැසී සිටිනවා.

විරෝධතාකරුවන් දස දහස් ගණනක් ඊශ්‍රායල අගනුවර වන ටෙල්අවිව් සහ අනෙක් නගරවල රැස්ව සිටිනවා.

මතභේදාත්මක නීති ප්‍රතිසංස්කරණ අත්හිටුවන බවට අගමැතිවරයා පොරොන්දු වුව ද ජනතාව එය විරාමයක් පමණක් බවයි චෝදනා කරන්නේ.

ඊයේ දිනයේ ලක්ෂයකට අධික ජනතාවක් ඊශ්‍රායල අගනුවරට රැස්ව තිබුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2023 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්