වසර තුනකට පසු පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීම ගැන රජය වශයෙන් අප සතුටු වෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
“වසර තුනකට පසු මෙවර පොසොන් උත්සවය අතිසාර්ථකව පැවැත්වීමට රජයක් වශයෙන් අපිට හැකිවුනා. අපි දන්නවා පසුගිය වසරේ පොසොන් පොහෝ දින උත්සවය පවත්වන විටමේ රටේ තිබුනු තත්ත්වය අපි දන්නවා. රට පුරා පැය දෙළහක් විතර විදුලි බලය කප්පාදු කළා. ඒ වගේම දන්සැල් තිබුනේ නැහැ. මුළු රටම අඳුරේ තිබු යුගයක්. නමුත් වසරක් වැනි කෙටිකාලයක් තුළ එම තත්ත්වය වළක්වා ගන්න අපිට පුලුවන් වුනා.
මෙවර පොසොන් පොහෝ දිනය තුළ පමණක් රට පුරා ලියාපදිංචි දන්සැල් 17,180ක් පැවැත්වුනු බවට තොරතුරු තිබෙනවා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ දන්සැල් 20,000කට වැඩිය තිබුනු බවත් වාර්තා වෙනවා. ආර්ථික අර්බුධයකින් වෙලී තිබුනු රටක මේ අන්දමින් දන්සැල් පැවැත්වීමම පුදුම සහගතයි” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.
ඊයේ (03) රන්න සම්බුද්ධාලෝක පොසොන් කලාපයේ සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රන්න ආනන්දාරාමයේ තැම්පත් කර තිබෙන මහනුවරින් වැඩම කරන ලද මෙම සර්වඥධාතුන්වහන්සේලා වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා.
අමරවිරු පියමග පදනම විසින් සංවිධානය කරන සම්බුද්ධාලෝක පොසොන් කලාපය අද සහ හෙට (04,05) යන දියනයන් හි පැවැත්වේ.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා – අද පොසොන් පොහෝ දිනය තුළ රට පුරා වෙහෙර විහාරවල පින්කම් පැවැත්වෙනවා. සැදැහැවතුන් ලක්ෂ ගණනක් අද පින්කම්වලට සහභාගි වෙනවා. ඇත්ත වශයෙන්ම රට තුළ පෑවති තත්ත්වය සළකා බලන විට සාර්ථකම පොසොන් උත්සවයක් පැවැත්වීමට දායක වූ රටේ සියලු බෞද්ධ ජනතාවට ප්‍රශංසාව හිමිවෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා..