පවතින උෂ්ණාධික කාලගුණයත් සමඟ කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.
දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඒ මහතා කියා සිටියේ.
කෙසේවෙතත්, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බවත්, දරුවන්ට වැඩිපුර ජලය පානයට දීමත්, දහවල් කාලයේ දැඩි හිරු රෂ්මියෙන් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙසයි වැඩිදුරටත් දෙමාපියන් වෙත දැනුම්දී ඇත්තේ.