fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2023 17:19

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

නිරිතදිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථිපිත වන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. බස්නාහිර,  සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට මෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම අද රාත්‍රි කාලයේදී තද වැසි ඇතිවිය හැකි බවයි නිවේදනය කරන්නේ.

බස්නාහිර,  සබරගමුව,  මධ්‍යම සහ දකුණ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සබරගමුව පළාත,  ගාල්ල සහ මාතර මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර දිවයින හරහා පැයට කිලෝමීටර 40ත් 45ත් අතර තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුඩා ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ලවුණා.

කළු ගගෙහි කුඩා ගග උපද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම ඉදිරි පැය 24 දක්වාද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2023 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්