fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධර්ම රශ්මී පොසොන් කලාපය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2023 13:01

ධර්ම රශ්මී පොසොන් කලාපය ඇරඹෙයි

ධර්ම රශ්මී පොසොන් කලාපය හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ කෙරුණා.

පිටිපන මංසන්ධියේ ඉදිකළ අඩි 34ක් උසැති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව අද විවෘත කෙරුණා. ඒ පූජ්‍ය රත්නපුරේ නන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාග් ප්‍රධානත්වයෙනුයි.

හෝමාගම සිරි සුගත බිම්බාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙම පොසොන් කලාපය හා ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි. පොසොන් තොරණ, දන්සැල්, වෛද්‍ය කදවුරු, ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ඇතුළු පින්කම් රැසක් වෙසක් කලාපයට ඇතුළත් වෙනවා.

සර්වඥ ධාතූන් වහන්සේ රැගත් රථ පෙරහැර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට හෝමාගම සිරි සුගත බිම්බාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

හෝමාගම ධර්ම රශ්මී පොසොන් කලාපය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වනවා. අද පස්වරු 6 සිට රාත්‍රි 12.00 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2023 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්