අතුරුදන් වූවන්ගේ කාර්යාලයට ලැබුණු පැමිණිලි 3170ක පරීක්ෂණ කටයුතු අවසන්
Related Articles
2016 වසරේ දී ආරම්භ කළ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට ලැබුණු පැමිණිලි අතුරින් 3170ක පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙනවා. පැමිණිලි විසිඑක්දහස් තුන්සිය හැත්තෑහතරක් ලැබී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ.
මේ අතර විකාශන නියාමන කොමිෂන් පනත් කෙටුම්පත තවමත් ඇත්තේ සාකච්ඡා මට්ටමේ බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.