ඇෆ්ගනිස්තානයට කඩුලු 6 ක ජයක්
Related Articles
ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
මතීෂ පතිරණ හා දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමිකර ගත්තා.
තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. ඒ අනුව කලකට පසු එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි දිමුත් කරුණාරත්න මෙන්ම නිත්‍ය ආරම්භක පිතිකරුවා වන පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළ ද දිමුත් කරුණාරත්න ලකුණු 4ක් ලබා සිටිය දී දැවී ගියා. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 268ක් පමණයි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු චරිත් අසලංක ලකුණු 91ක් රැස්කළා. ධනංජය සිල්වා ද අර්ධ ශතකයක් රැස්කළා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය කඩුලු 4 ක් දැවී පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය පසුකළා. ඊබ්‍රහිම් සද්ද්‍රාන් ලකුණු 98ක් ලබාගත් අතර රහමත් ෂා ලකුණු 55ක් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රැස්කළා.
තරගාවලියේ දෙවන තරගය ලබන 4වනදා සූරියවැව ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනවා.