සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් හා ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් රජයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
ඒ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත සංගම්, යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් හා නිෂ්පාදකයන් සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණ.
අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ මේ විට වෙළෙඳපොලේ ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ මිලක පැවතීම හේතුවෙන් එදිනෙදා ජන ජීවිතයේ නියුතු සාමාන්‍ය ජනතාවට සිය මූලික අවශ්‍යයතාවයක් වන ජීවත් වීමට අවශ්‍ය අවම පහුසකමින් යුතු නිවසක් හෝ සාදා ගැනීම දුෂ්කර වී තිබෙන බවයි.
එමෙන්ම පසුගිය කාලයේ ආනයන සීමා කිරීමත්, ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම අමුද්‍රව්‍යයන්හි මිල ගණන් වැඩි වුව ද ඩොලරයේ අගය පහළ යාම හේතුවෙන් වූ වාසිය පාරිභෝගිකයාට හිමි නොවන බව පෙනී යාම නිසා මුදල් අමාත්‍යාංශය මෙන්ම වෙළෙඳ අමාත්‍යාංශයත් එම වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.