fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලවාන – මතුගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 14:46

කලවාන – මතුගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

ගංවතුර තත්ත්වයක් පවතින බැවින් දැඩි අවධානයෙන් පසු වන්නැයි රත්නපුර අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

ඊයේ රාත්‍රීය පුරා ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කලවාන මතුගම ප්‍රධාන මාර්ගය කුකුලේගම බෙලිඅත්තවිල ප්‍රදේශයෙන් යට වී තිබෙනවා. මෙම නිසා ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ජල ගැලීම් හේතුවෙන් අපහසුතාවයට පත්වන ජනතාව සුරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ප්‍රදේශවාසීන් සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එබැවින් ජනතාව මේ දිනවල වඩාත් අවදානයෙන් කටයුතු කරන්නැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්