රාජ්‍ය භාෂා භාවිතයේදී මතුවන ගැටලු විසදා ගැනීම සදහා 1956 දුරකතන අංකය හදුන්වාදී තිබෙනවා. එම අංකය ඇමතීමෙන් එම ගැටලු විසදා ගත හැකි බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ විවිධ වැඩසටහන් සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රටතුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සොයා බැලීමේ එක් ක්රමෝපායක් වශයෙනුයි 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙන්නේ. ජනතාවට එදිනෙදා භාෂා භාවිතයේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම මෙම මධ්‍යස්ථානය හරහා සාර්ථකව සිදුකර ගත හැකියි. 1956 අංකය ඇමතිමෙන් ඉතා කාර්යක්ෂමව ඕනෑම පුද්ගලයෙකුට භාෂා ගැටලු විසදා ගැනීමට හැකිවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.