fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද දිනයේත් ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම්

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 12:23

අද දිනයේත් ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම්

අද දිනයේද ඇතැම් ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමඟම ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති තත්ත්වයක් දක්නට ලැබුණා.

ඒ නිසාම ඇතැම් පිරවුම්හල් අසළ පැවතියේ දැඩි පෝලිමක්.

කෙසේ වෙතත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය ඔයිල් සමාගම සතුව ප්‍රමාණවත් තොග පවතින බැවින් ඉන්ධන හිගයක් ගැන අනියත බියක් ඇති නොකරගත යුතු බවයි.

ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පිරවුම්හල් හිමියන් ඇනවුම් නොකිරීම මත ඇතැම්  පිරවුම්හල්වල හිගයක් මතුවී තිබෙනවා.

පිරවුම්හල් හිමියන් සියයට පනහක අවම තොගයක් පවත්වාගැනීම අවශ්‍ය වනවා.

අවම තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල් පිළිබද සොයා බලා ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසට තමන් ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්