fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවෙන් මිනිස් සිරුරු කොටස් සහිත මලු 45ක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 10:03

මෙක්සිකෝවෙන් මිනිස් සිරුරු කොටස් සහිත මලු 45ක් හමුවෙයි

මෙක්සිකෝවෙන් මිනිස් සිරුරු කොටස් සහිත මලු 45ක් හමුවේ.

මෙම සිරුරු කොටස් අතර පිරිමි මෙන්ම කාන්තා සිරුරු කොටස් ද වන බවයි වාර්තා වන්නේ.

මෙක්සිකෝවේ බටහිර නගරයක් වු ගුවාඩා ලජාරා නගරයේ තිබිය දී මෙම සිරුරු සහිත මලු සොයා ගෙන තිබෙන්නේ.

මෙම මලු තුළ පසුගිය දා මෙක්සිකෝවේ ඇමතුම් මධ්‍යස්ථානයක දී අතුරුදහන් වු 7 දෙනෙකුගේ සිරුරු කොටස් ද තිබිය හැකි බව පොලිසිය අනුමාන කරනවා.

කෙසේ වෙතත් මෙම මලු තුළ කොපමණ සිරුරු ප්‍රමාණයක් තිබිදැයි තවමත් තහවුරු කරගෙන නැහැ.

සාමාන්‍යයෙන් මෙක්සිකෝවේ වසරකට ලක්ෂයක් පමණ අතුරුදහන්වීම් වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය කල්ලි අතර ගැටුම් සහ විදෙස් රටවලට පළා යාම මෙම අතුරුදහන් වලට ප්‍රධාන හේතු බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්