පොලිස් කොස්තාපල්වරයෙකු කේරලගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්රිකුණාමලය මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා.
එහිදී කේරල ගංජා කිලෝග්රෑම් 1යි ග්රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගැනුනේ තඹලගම ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකුයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු තඹලගමුව පොලිසියෙට භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.