ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටෙයි
Related Articles
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටේ.
ජෝ බයිඩ්න් ඇමෙරිකා ගුවන් හමුදා ඇකඩමියේ පැවති උපාධි උත්සවයක් අතර තුරයි මෙලෙස ඇද වැටී තිබෙන්නේ.
ජනාධිපතිවරයා ඇද වැටීමට ප්‍රථම පැයක් පමණ උපාධි අපේක්ෂකයන් 921ක් වෙත සම්මාන ප්‍රධානය සිදුකර තිබෙනවා.
සම්මානය ප්‍රධානය අවසන් කොට වේදිකාවෙන් ඉවත්වීමට යාමේදියි ජනාධිපතිවරයා පය පැටලී ඇද වැටී තිබෙන්නේ.
ජෝ බයිඩ්න් මේ වන විට 80 වන වියේහි පසුවන අතර ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට තරම් ශක්තිමත් නොවන බවයි ඔහුගේ විරුද්ධවාදීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ.