පානදුර කිරිබේරිය මහවල ප්‍රදේශයේ ගබඩාවක ඇති වු ගින්නකින් දේපළ රැසක් විනාශ වුණා.
කොරෝනා ඇදුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් මෙහි ගබඩා කර තිබුණා.
ගින්නෙන් එම සියලු උපකරණ විනාශ වී ඇති අතර සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 7කට ආසන්නයි.
ගින්න නිවා දැමීම සඳහා හොරණ , කළුතර , මොරටුව හා දෙහිවල යන නගර සභාවල ගිනි නිවීම් ඒකක කැඳවා තිබුණා.
ගින්න නිවා දැමීමට ජල බවුසර් 11ක් පමණ යොදා ගෙන තිබුණා.
එමෙන්ම ගිනි නිවන භටයින් 30කට ආසන්න පිරිසක් ඊට එක්වුණා.
ගින්න හටගත් අවස්ථාවේ ගොඩනැගිල්ලේ කිසිවෙකුත් නොසිටි බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිල්ල කුළියට ගත් පුද්ගලයා මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ කුළියට ගත් ගොඩනැගිල්ලක ද මෙවැනි කොරෝනාවෙන් ආරක්ෂාවීම සඳහා භාවිත කරන ඇදුම් ගබඩා කර තිබු අතර එය ද මීට මාස දෙකක පමණ පෙර ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ වුණා.