ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ 11 මල්වත්ත පාර ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතලිස් නවයක් (49) වන මාතර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි දෙදහසක තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වේල්ලවීදිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.