fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

hasiniek
By hasiniek ජූනි 1, 2023 17:34

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගන්වා තිබෙනවා.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ආර්ථික රාමුව තුළ සිය ක්‍රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින් “අපගේ ශක්තිය ශක්තිමත් කිරීම” යන තේමාවෙන් යුතුව සිය ඒකාබද්ධ වාර්ෂික වාර්තාව එළිදක්වා තිබෙනවා.

2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ කාර්ය සාධනය, උපාය මාර්ග, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය ඇතුලුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මෙම වාර්තාවේ අඩංගු වෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා

hasiniek
By hasiniek ජූනි 1, 2023 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්