ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්
Related Articles
තමන්ව අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත්කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනුකර තිබෙනවා.
පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබියදී මෙම පෙත්සම ගොනුකර තිබෙන බවයි අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර සිටින්නේ.
ඉදිරිපත් වූ පැමිණිලි මත විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට කිසිදු නිතිමය පදනමක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ නිසා අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලමිනුයි මෙම අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.