fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශවේන්ද්‍ර සිල්වා විමල් වීරවංශගෙන් වන්දි ඉල්ලයි

hasiniek
By hasiniek ජූනි 1, 2023 15:15

ශවේන්ද්‍ර සිල්වා විමල් වීරවංශගෙන් වන්දි ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ බව කියන අපහාසයක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් වීරවංශ මහතාට එරෙහිව එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 25 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති නවය / සැඟවුණු කතාව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි කතෘ විමල් වීරවංශ මහතා සිය කතාවේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට සහාය දැක්වූ බවට ප්‍රකාශ කර තිබෙනවා.

එය අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවක් වන අතර එමගින් සිදු වු අපහාසයට වන්දි ඉල්ලා මෙසේ එන්තර වාසි යොමු කෙරුණා.

වසර 40කට ආසන්න කාලයක් මාතෘ භූමිය හා ජාතිය වෙනුවෙන් තමන් සිදුකළ නොකැළැල් මෙහෙවර තුළින් ලඟා කර ගත් ගෞරවය හා කීර්ති නාමයට මෙම ප්‍රකාශයෙන් කැළලක් සිදු වී ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නීතිඥයන් පෙන්වා දෙන්නේ.

hasiniek
By hasiniek ජූනි 1, 2023 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්