fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුලී ගමන් යන මුවාවෙන් සිදු කල ජාවාරම

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 15:07

කුලී ගමන් යන මුවාවෙන් සිදු කල ජාවාරම

කුලී ගමන් යන මුවාවෙන් වාහන රැගෙන ගොස් ඒවායේ රියදුරන් මත්කර ස්වර්ණාභරන හා මුදල් පැහැරගන්නා යුවලක පිළිබදව වාර්තා වනවා.

මත්වන ද්‍රව්‍ය මුසුකර සිසිල් බීම රියදුරන්ට මෙසේ ලබාදීමෙන් ඔවුන් කොල්ලකෑම් සිදු කර තිබෙනවා. මීරිගම කල්එළිය ප්‍රදේශයේදී කුලීගමනක් යාම සදහා ත්‍රී රෝද රථයකට ගොඩ වී ඇති මෙම යුවල ගිරිඋල්ල ප්‍රදේශයේදී මෙසේ සිසිල් බීම බෝතලයකට මත්වන ද්‍රව්‍ය එකතු කර රියදුරුට ලබාදී තිබෙනවා.

අනතුරුව රියදුරුට සිහි මුර්ජා වීමෙන් පසුව රියදුරු පැලද සිටි රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා රන් ආභරන මෙන්ම රුපියල් 9000 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබෙනවා.

සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කරමින් අදාල සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්