දුම්රිය රියදුරුගේ හා සහායකගේ සැලකිලිමත් බව නිසා වැළකුණු විශාල අනතුර

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 13:40

 දුම්රිය රියදුරුගේ හා සහායකගේ සැලකිලිමත් බව නිසා වැළකුණු විශාල අනතුර

අද උදෑසන මෙම නාය යෑම සිදුවන විට පොඩි මැණිකේ දුම්රිය බදුල්ලේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබුණා.

අදාළ ස්ථානයට පෙර ඇති වංගුවේදී රියදුරු සහායකයා මෙම නායයෑම දුර සිටම නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ බව වහාම රියදුරුට දැනුම් දීමත් සමග දුම්රිය නතරකර ගැනීමට හැකිවුණා.

ඒ අනුව සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනුණා.

දුම්රිය ගමනාගමනය පැය කිහිපයකට අඩාල වුණා.

ඊයේ රාත්‍රියේ මෙම ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 13:40