රියදුරු සහායකයාගේ නුවණ නිසා ජීවිත රැසක් බේරෙයි
Related Articles
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර සිදුවූ නාය යෑමෙන් ඇනහිට තිබූ දුම්රිය ධාවනය දැන් යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
අද උදෑසන මෙම නාය යෑම සිදුවන විට පොඩි මැණිකේ දුම්රිය බදුල්ලේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබුණා.
අදාළ ස්ථානයට පෙර ඇති වංගුවේදී රියදුරු සහායකයා මෙම නායයෑම දුර සිටම නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ බව වහාම රියදුරුට දැනුම් දීමත් සමග දුම්රිය නතරකර ගැනීමට හැකිවුණා. ඒ අනුව සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනුණා.
දුම්රිය ගමනාගමනය පැය කිහිපයකට අඩාල වුණා. ඊයේ රාත්‍රියේ මෙම ප්‍ර දේශයට අධික වර්ෂාවක් ලැබී තිබෙනවා.
මේ අතර බස්නාහිර / සබරගමුව /දකුණ යන පළාත්වල අද දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගාල්ල / මාතර හා කළුතර යන දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි තත්ත්වයකුයි පවතින්නේ.
වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
මධ්‍යම / ඌව සහ නැගෙනහිර යන පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ද ඇතිවිය හැකියි.
පුත්තලම සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින වටාවන මුහුදු ප්‍ර දේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් තිහත් හතලිහත් අතර අගයක් ගන්නවා.
පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් පැයට කිලෝමීටර් 50ත් හැටත් දක්වා වැඩි විය හැකියි.