fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්පානයේ අඩුවීමක් – ඇමති කෙහෙලිය

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 11:23

දුම්පානයේ අඩුවීමක් – ඇමති කෙහෙලිය

රෝගාබාධ රැසකට හේතුවන දුම්පානයේ අඩුවීමක් සිදුව ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව දුම්පානය අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ලෝක දුම්වැටි විරෝධී දිනය සමරමින් සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අපට අවශ්‍ය ආහාර මිස දුම්වැටි නොවන බව යන්න මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාවයි.

2020 ගෝලීය වැඩිහිටි දුම්පානය ශ්‍රී ලංකා සමීක්ෂණ වාර්තාව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුර කුමාර මහතා මෙහිදී එළිදැක්වුවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලංකා සිං , දුම්කොල හා මධ්‍යසාර පිළිබඳජාතික අධිකාරියේ සභාපති  වෛද්‍ය ඇලන් ලුඩොවායික් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්