fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත ගුවන් සමාගමෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 10:00

නවසීලන්ත ගුවන් සමාගමෙන් නිවේදනයක්

තම ගුවන් සේවය භාවිත කරන මගීන්ගේ ශරීරයේ බර පරික්ෂා කිරීම අනිවාර්ය බව නවසීලන්ත ගුවන් සමාගම නිවේදනය කරනවා.

නවසීලන්ත ගුවන් සමාගම සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් භාවිතා කරන මගීන් ගුවන් යානයට ඇතුලුවීමට ප්‍රථමයෙන් තම ශරීරයේ බර ප්‍රකාශයට පත්කළ යුතු වනවා.

ඒ හරහා ගුවන් මගීන්ගේ ශරීර බරෙහි සාමාන්‍ය අගය ලබා ගැනීම අරමුණ බවයි නවසීලන්ත ගුවන් සමාගම පවසන්නේ.

ඒ හරහා ගුවන් යානයේ ඉන්ධන භාවිතය කාර්යක්ෂම කිරිම අරමුණ වනවා.

කෙසේ වුවද තමන් ලබාගන්නා දත්ත ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට හෝ වෙනත් පාර්ශ්වයකට කිසිසේත්ම නිරාවරණය නොවන බව ගුවන් සමාගම අවධාරණය කරනවා.

මේ ආකාරයටම 2021 වසරේදී අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරතවන ගුවන් මගීන්ගේ බර පරික්ෂා කිරීමට නවසීලන්ත ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්