fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 09:44

මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බඩෝවිට නලින්ගේ සහ පානදුර කමල්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු වන පානදුර චුටාන් සහ හිච්චා යන දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පරණ කොට්ටාව පාර ,නාවින්න , මහරගම යන ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කළ වැටලීමකදීයී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අවුරුදු 33 හා 34 යන වයස් කාණ්ඩයේ පසුවන අයයි.

හෙරොයින් ග්‍රෑම් 203 යි මිලිග්‍රෑම් 170 ක්,ජංගම දුරකතන  4 ක් , ඩිජිටල් තරාදියක් , ඇසුරුම් උපකරණ කට්ටලයක් සහ කාර් රථයක් ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට බන්ධනාගාර ගතව සිටින පානදුර කමල් නැමැත්තාගේ සහ දෙහිවල ගල්කිස්ස රත්මලාන යන ප්‍රදේශවල මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බඩෝවිට නලින් යන අයගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධාන ගෝලයන් බවට මොවුන් හඳුනාගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්