fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සහ බස් සේවා හෙටින් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 05:35

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සහ බස් සේවා හෙටින් ඇරඹෙයි

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වෙන පොසොන් කලාප ක්‍රියාත්මක බව බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

මිහින්තලා රජමහා විහාරය සහ තන්තිරිමලේ කේනද්‍රකරගනිමින් අනුරාධපුරයේ පොසොන් උත්සවය පැවැත්වෙන බවයි ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ.

ජුනි මස 2 වනදා සිට පස් වනදා දක්වා දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් අල්විස් මෙහිදී කියා සිටියේ.

මහියංගනය හා හෝමාගම – පිටිපන පොසොන් කලාප සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කළේ.

ජුනි මස 2 වනදා සිට පස් වනදා දක්වා අනුරාධපුර – කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ පැවසුවේ.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 05:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්