ඩොලරය අඩුවීමට සාපේක්ෂව ඖෂධ මිල අඩුකරන්නැයි සෞඛය ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Related Articles
ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඖෂධ සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනයන්හි නිලධාරීන් එම සාකච්ඡාවට එක් වුණා.
ඩොලරයේ අගය රුපියල් 190 සිට 370 දක්වා ඉහළ යාමේදී ඖෂධ මිල සිඝ්‍රයෙන් ඉහළ ගිය ද මේ වන විට ඩොලරයේ අගය විශාල ලෙස පහත බැසීම තුළ ඊට සාපේක්ෂව ඖෂධ මිල අඩු විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
විදුලිබල ඉහළ යාම බැංකු පොලී අනුපාත ඉහළයාම ඇතුළු අනෙකුත් සාධක මේ තුළ සැලකිල්ලට ගත යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය ජාත්‍යන්තර මට්ටමට පුළුල් කිරීමට හෝ නව රසායනාගාරයක් ඉදිකීරීම කාලීන අවශ්‍යතාවක් බවටයි මෙහිදී අදහස් පල වුණේ.