ශ්‍රී ලංකාව තායිලන්තය සමඟ සබඳතා අලුත් කරයි….
Related Articles
තායිලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා සමගාමීව තෙදින සංචාරයකට එක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(31) දින තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සමඟ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ තායිලන්ත තෙදින සංචාරය අතරතුර බැංකොක් නුවර රජයේ මන්දිරයේදී මෙම හමුව සිදු වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීමට සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ වෙළඳ හා ආයෝජන මෙන්ම ආගමික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සංචාරය සිදු කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීමක් ඇත්තේ ඔවුන්ගේ හවුල් බෞද්ධ උරුමයන් නිසාය. තායිලන්තයේ ආරම්භ වූ සියම් නිකාය ශ්‍රී ලංකාවේ අති පූජනීය බෞද්ධ නිකායකි. ඉන්දියාව, බංගලාදේශය සහ පකිස්තානයට පසු දකුණු ආසියාවේ තායිලන්තයේ සිව්වන විශාලතම වෙළඳ සහකරු ශ්‍රී ලංකාව වේ. ශ්‍රී ලංකාව තායිලන්තයට සිදුකරන ප්‍රධාන අපනයන අතර මැණික්, ස්වර්ණාභරණ, තේ, කුළුබඩු, තන්තු සහ ලෝහ නිෂ්පාදන ඇතුළත් වේ. මේ අතර තායිලන්තය ශ්‍රී ලංකාවට සීනි, රෙදිපිළි, වියළි මාළු, සිමෙන්ති, රසායනික නිෂ්පාදන, මෝටර් රථ සහ වාහන අමතර කොටස් අපනයනය කරයි.