වාහන තදබදය වැඩිම රට
Related Articles
රථවාහන ධාවනයේ දී තදබදය වැඩිම රට ලෙස පේරු රාජ්‍ය නම්කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ රථවාහන සමාගමක් සිදුකළ සමීක්ෂනයකිනුයි මේ බව හෙළිව ඇත්තේ.
මහාමාර්ගවල තත්ත්වය / රථවාහන තදබදය පිළිබද දර්ශකය හා වේගසීමා සැලකිල්ලට ගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.
සමීක්ෂණයට අනුව ඉන්දියාව ලොව මන්දගාමීම රටවල් අතර දහවන ස්ථානයේ පසුවනවා.
ලොව වේගවත්ම රථවාහන ධාවනයක් සහිත රට ලෙස ඇමෙරිකාව පළමු ස්ථානයේ පසුවන අතර දෙවන හා තෙවන ස්ථානයන්හි පිළිවෙළින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා මැලේසියාව පසුවන බවයි වාර්තා වන්නේ.