ඩෙන්මාර්කය ආරක්ෂක පිරිවැය ඉහළ දමයි
Related Articles
ඩෙන්මාර්කය තම ආරක්ෂක පිරිවැය ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඉදිරි වසර 10ක කාලය සදහා ඩෙන්මාර්කය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 21ක මුදලක් වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරණ අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙලෙස ආරක්ෂක වියදම් ඉහළ දැමීමට පියවර ගත් බව එරට රජය පවසනවා.
නව වියදම් වෙන් කිරීම හරහා වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 4කට ආසන්න මුදල් ප්‍රමාණයක් හිමිවනවා.
එමෙන්ම යුක්රේනයට ලබාදෙන යුද ආධාර ප්‍රමාණය ඉහළ දැමීමට ද පියවර ගන්නා බවයි ඩෙන්මාර්ක් ආග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
***විදුර/14.45/ගිහාන්