fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් සියයක් පමණ වහන්න යයි

hasiniek
By hasiniek මැයි 31, 2023 13:54

බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් සියයක් පමණ වහන්න යයි

බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් සියයකට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සූදානම් වනවා.

එම පාසල් තුළ අධ්‍යාපනය හැදෑරීමට ප්‍රමාණවත් තරම් සිසුන් නොමැතිවීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එරට ජීවන වියදම ඉහළ යාමත් සමග මෙලෙස සිසුන් අඩු පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා.

නිවාස මිල හා ළමුන් සදහා වන වියදම් ඉහළ යාමත් සමග ළදරු උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පාසල් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් මූල්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව ද සඳහන්.

hasiniek
By hasiniek මැයි 31, 2023 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්