fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යූරියා මිල අඩුකෙරේ

hasiniek
By hasiniek මැයි 31, 2023 11:50

යූරියා මිල අඩුකෙරේ

යූරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව ජූනි 15 වනදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

 

“ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 අද (31 ) දින පෙරවරුවේ යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගනු ලැබීය.

ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතය.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය යල කන්නය වනවිට පුද්ගලික අංශය විසින් රු.42,000කට අලෙවි කළ යූරියා පොහොර මිටියක් මේ වනවිට පුද්ගලික අංශය විසින් රු.11,000 දක්වා මිල පහත දමා තිබේ. මීට හේතුව වූයේ රජය විසින් යූරියා පොහොර මිටියක් රු.10,000 දක්වා  අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමය.

මේ අතර, පසුගිය මහ කන්නයේ රු. 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රජය විසින් මෙම යල කන්නයේදී රු. 15,000ක් දක්වා රු.4500කින්  පහත හෙළනු ලැබීය.

රජය විසින් මෙම සියලු සහන සලසනු ලබන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන්  බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය”

hasiniek
By hasiniek මැයි 31, 2023 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්