හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු එම ජාවාරමෙන් උපයා ගත් මුදල් ද සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වයස අවුරුදු 46ක හා 47 ක කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 20ක් ද එම කාන්තාවන් සතුව තිබී සොයා ගත්තා.
එමෙන්ම හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 63,000කට අධික මුදලක් හා ජංගම දුරකතන දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් මට්ටක්කුලිය පොලිසියට භාර දී තිබෙනවා.