fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෞද්ධ සාහිත්‍යට ගරහන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවිය යුතුයි – ඇමති ප්‍රසන්න

hasiniek
By hasiniek මැයි 31, 2023 09:41

බෞද්ධ සාහිත්‍යට ගරහන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවිය යුතුයි – ඇමති ප්‍රසන්න

ආගමික සංහිඳියාවට බාධා කරන , බුද්ධාගමට සහ බෞද්ධ සාහිත්‍යට ගරහන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවිය යුතු බව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

එවැනි පුද්ගලයින් පිළිකුලින් යුතුව හෙළාදකින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

අනෙකුත් ආගම් මෙන්ම ථෙරවාදී බුදු දහම සහිත රටක් වන ශ්‍රී ලංකාව තුල ආගම් විවේචනය කරන්නන් මෙන්ම එම සංහිඳියාවට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතු බවද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියා

එමෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන නොමැතිනම් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තුව තුල නව නීති සම්පාදනය කිරීමට සහයෝගය ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

hasiniek
By hasiniek මැයි 31, 2023 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්