fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීමට තවත් සාම සාධක භට පිරිසක්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 09:00

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීමට තවත් සාම සාධක භට පිරිසක්

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීම සඳහා නේටෝ සංවිධානය තවත් සාම සාධක භට පිරිස් පිටත්කර හැර තිබෙනවා.

මේ වන විට කොසෝවෝහි මෙහෙයුම්වල නිරත නේටෝ සාම සාධක භට පිරිස් තුන්දහස් අටසියකට ආසන්නයි.

තවත් අමතර භට පිරිස් හත්සීයක් කොසෝවෝ වෙත පිටත්කර හැරීමට නේටෝ සංවිධානය කටයුතු කර තිබෙනවා.

ඒ පසුගියදා ඇතිවූ ගැටුම්වලින් නේටෝ භටයන් 30 දෙනෙකු තුවාල ලැබීමත් සමඟයි.

එමෙන්ම තවත් භටයන් තුන්සීයත් දහසත් අතර පිරිසක් යෙදවීමට සූදානම් බව නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසනවා.

1998 වසරේ සිටයි කොසෝවෝ රාජ්‍යයේ ගැටුම් පවතින්නේ.

මේ වන විට එම ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 13,000 ඉක්මවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 09:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්