පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දී වැටලීමක් සිදුකෙරුණා.
එහිදී මත් පෙති 400ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් පුදුකුඩිඉරිප්පු හා මුලතිව් ප්රදේශයන්හි පදිංචිකරුවන්.
වැඩිදුර විමර්නවලදී හෙළිවී ඇත්තේ පෑලියගොඩ ප්රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මොවුන් මෙම මත්පෙති අලෙවිකර ඇති බවයි.
ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ පොලීසිය වෙත භාරදී තිබෙනවා.