යුක්‍රේනය රුසියානු වැසියන් බියවද්දනවා – පුටින්ගෙන් චෝදනාවක්
Related Articles
යුක්‍රේනය රුසියානු වැසියන් බියවැද්දීමේ උත්සාහයක නිරත වී සිටින බවට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කරනවා.
ඊයේ දිනයේ දී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසයි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය ප්‍රහාර එල්ල කළ ද ඒවා ව්‍යාප්ත කිරීමේ ආරක්ෂණ පද්ධතියක් තමන් සතු බවයි පුටින් ජනාධිපතිවරයා පවසන්නේ.
ඩ්‍රෝන යානා 8ක් පමණ ඊයේ දිනයේ දී මොස්කව් නුවරට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත්ත ද ඒවා සියල්ල විනාශ කිරීමට සමත් වූ බව රුසියා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පළමුවරටයි යුක්‍රේනය මොස්කව් අගනුවර එල්ල කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළේ.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද සඳහන්.