අඩු වුණු දඩ මුදල
Related Articles
වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව වීසා කාලය ඉක්මවා ගත කරන කාලසීමාව සදහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.
වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගේ වීසා ගාස්තුවට අමතරව වැඩිපුර සිටින කාල සීමාව සදහා අය කරන ඇමෙරිකා ඩොලර් 500 දඩ මුදල සංශෝධනය කිරීමට තීරණය කෙරුණා.
වලංගු වීසා කාලය ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සදහා දඩ මුදල් අය නොකිරීමටයි එහිදි තීරණය කෙරුණේ.
දින 7ත් 14ත් අතර කාලයක් සදහා ඇමෙරිකා ඩොලර් 250ක දඩයක් සහ ඊට වැඩි කාලයක් සදහා ඩොලර් 500ක දඩයක් අය කිරීමට ප්‍රතිපාදන සකස් කර තිබෙනවා.
අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවේ අනුමැතිය ඒ සදහා ලැබී තිබෙනවා.
ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ද නියමිතයි.
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය හා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම එහි අරමුණයි. මේ අතර විවිධ ස්ථානවල සහ පුද්ගලයින්ගේ ආරක්ෂාව සදහා පොලිස් නිළධාරීන් යෙදවීම නිසා පොලිස් ස්ථානවල හිඟයක් පවතිනවා.
ඒ අනුව අත්‍යවශ්‍ය අවශ්‍යතා මත පමණක් නිලධාරීන් යොදවන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.
මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් වලට අදාළ නිලධාරීන් අගය කිරිමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.
ඊට ද පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නේ.