fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹ ගවයන්ගේ රෝගය මාරාන්තික නැහැ

hasiniek
By hasiniek මැයි 30, 2023 16:46

වයඹ ගවයන්ගේ රෝගය මාරාන්තික නැහැ

වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ගවයන් අතර පැතිර යමින් පවතින ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත් වීමට පවතින ඉඩකඩ අල්ප බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි ‍කොතලාවල මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අද(30) පැවති රැස්වීමකදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ ගැටිති රෝගය මීට පෙර උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වූ අතර, එය සාර්ථකව ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකි වූ බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

නමුත් මෙම සතුන් ප්‍රවාහනය නොකරන ලෙසට එම දෙපාර්තමේන්තුව ලබා දී තිබූ උපදෙස් නොසලකා හරිමින් ඇතැම් පුද්ගලයින් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම නිසා මෙම රෝග තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

කෙසේ වුවද මෙම ගැටිති රෝගය වැළඳුණු පසු එම ගවයින්ට ඊට ප්‍රතිශක්තිකරණයක් ඇති වන බැවින් නැවත එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති අතර එවැනි ගවයින්ගේ මස් අනුභව කිරීමෙන් රෝගය සෙසු අයට වැළඳීමක් සිදු නොවන බවද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කිරි නිෂ්පාදනය අඩු වීමට පමණක් හේතුවන බවයි පැවසෙන්නේ.

ඒ හැර අදාළ සතුන් ස්පර්ශ කිරීමෙන් මෙ‍හි ව්‍යාප්ත වීමක් සිදු නොවන අතර, මෙම රෝගය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 30, 2023 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්