දෙදින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ කෙන්ජි ඔකමුරා මහතා මෙම මස 31 හා ජූනි මස 01 යන දිනයන්හි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි
මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලීන ප්රවණතා, ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි.