දඹුල්ල හිටපු නගරාධිපතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට
Related Articles
දඹුල්ල හිටපු නගරාධිපතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා
12 හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී මොහු මෙම පිරිමි දරුවා අපයෝජනය කර ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයකට අදාළවයි දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු ලෙස කටයුතු කරන දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.