fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව ලබන 23 දා

hasiniek
By hasiniek මැයි 30, 2023 15:20

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව ලබන 23 දා

තමන් සැකකරුවෙකු ලෙස නම් කරමින් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ලබන 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාවේ එහි තිබි රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයකට අධික මුදලක් සොයා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කලේ අදාළ පෙත්සමේ තීන්දුව ලබන 23 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම්කර සිටින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඉල්ලා සිටියේ පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට කිසියම් පාර්ශවයක් අගතියට පත් වන්නේ නම් ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය නීතිමය පටිපාටිය වුව ද පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එය මගහැර අභියාචනාධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවයි රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදි පෙන්වා දුන්නේ මෙවැනි නඩුකරණයක දී අභියාචනාධිකරණට පැමිණ සහන පැතීමට හැකියාව ඇති බවයි.

 

 

 

 

 

 

hasiniek
By hasiniek මැයි 30, 2023 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්