ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ
Related Articles
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සඳහා දීර්ඝ කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අද (30) මුදල් අමාත්‍යාංශයේ දී මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදුකළා.
පසුගිය 2022 මාර්තු 17 දින සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 1000න් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 576.75කට අදාළව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර තිබෙනවා..
ඉදිරි වසරක කාලය තුළ මෙම ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පියවර ගනු ලබන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ.